විදුහල්පති පණිවිඩය
ආර්.ඩබ්.බී.පී.කේ ඇතිපොල
පො / හැගල මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අනාගත පුරවැසියන් තනන මූලික සමාජ ඒකකය පාසලයි.මේ සඳහා සමාජ හා පාරිසරික බලපෑම කොතෙකුත් පැවතුන ද හොඳ පාසලකින් දරුවා කෙරෙහි සිදු කරනු ලබන බලපෑම තීරණාත්මක වේ.පාසලේ මූලික කාරිය වන්නේ වර්තමාන පරම්පරාව සතු ඥානය , ශිල්ප ශාස්ත්‍රය සංස්කෘතිය හා මානව අත්දැකීම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමයි.ඒ අනුව මාගේ පාසෙලන් ලබාෙදන අධ්‍යාපනය තුළින්,නිසි වැඩ අාකල්ප අැති වෘත්තීය වශයෙන් අනාගතයේ පුහුණු කර ගත හැකි වෘත්තියකු,යහපත්,මනුෂ්‍යයකු,මෙන්ම ඵලදායි පුරවැසියකු තැනීම මූලික අරමුණයි.
ආර්.ඩබ්.බී.පී.කේ ඇතිපොල
විදුහල්පති
පො / හැගල මහා විද්‍යාලය.





