හෑගල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

page-header-1900x3201.jpeg
page-header-1900x3201.jpeg

ශ්‍රී ලංකා ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමට ඓතිහාසික පොළොන්නරු පුරවරය විශාල දායකත්වයක් ලබාදෙන ලදී. මේ ඉෂ්ට කර ගැනීමට හා වර්ධනය කර ගැනීම වස් මහාචාර්ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතානන් ක්‍රිස්තු වර්ෂ 1948 දී ගොවි ජනපද ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පුරා ව්‍යාප්ත කරන ලදී. මේ ආභාසය පොළොන්නරු පුරවරයටද ලැබිණි. පොළොන්නරු දිස්ත්‍රික්කය ගොවිජනපද ව්‍යාපාරය දියුණු වීමත් සමග ජනපදිකයන්ගේ ආර්ථික සමාජීය අධ්‍යාපනික ආදී අවශ්‍යතා සපුරාදීම සඳහා සිප් හලක අවශ්‍යතාවය දැඩි ලෙස ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ බිහි වූ මුල්ම පාසල් කීපය අතරින් එකක් ලෙස මෙම පොළොන්නරුව හෑගල මහා විද්‍යාලය හැඳින්විය හැක.

ඇලහැර මහරේකම් කාර්යාලීය බල ප්‍රදේශය තුළ යාය 19 හෑගල නම් ගම්මානයේ කාටත් ආලෝකය දීමට පහළ වූ මිණි පහන් සිලක් සේ සැලකිය හැකි මෙම පාසල වර්ෂ 1953 ක් වූ සැප්තැම්බර් මස තුන්වනදා ආරම්භ වී ඇත. අද පො / හෑගල මහා විද්‍යාලයේ නමින් හැඳින්වූවත් ආරම්භ වූ එදවස මෙම පාසල හෝ හෑගල කනිෂ්ඨ විද්‍යාලය නම් විය ආරම්භයේදී පාසල් අංකය වශයෙන් 5604 අංකය ලැබී ඇත.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතළිස් දෙනකුගෙන් ආරම්භ වූ මෙම විදුහලේ මුල්ම ශිෂ්‍යාවීමේ භාග්‍ය හිමිකරගෙන ඇත්තේ නිහල් වෛද්‍ය වික්‍රම ශිෂ්‍යයයි. එමෙන්ම මෙහි ආරම්භක නියමුවා හෙවත් විදුහල්පති පදවිය ලැබීමෙ භාග්‍යවනතයා වූයේ K G පුංචි බන්ඩා දිසානායක මහතාය. ඔහු විදුහල්පති මෙන්ම එදා පාසලට සිටි එකම ගුරුවරයාද විය. භෞතික සම්පත් වශයෙන් වූයේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉදිකරන ලද 120'*20' ප්‍රමාණයේ වූ ශාලාවක් හා එකම ගුරු නිවාසයකි.

1977 ජනවාරි මස පළමුවනදා අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 01 / 264 හා 1977 ජනවාරි මස පළමුවන දිනැති ලිපිය අනුව මෙතෙක් කනිෂ්ට විද්‍යාලයක්ව පැවති මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1C පාසල් වර්ගයට අයත් විණි . මීට අමතරව මෙම විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරන ලද්දේ 1992 ජූලි මස 11 වන දින හිඟුරක්ගොඩ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගේ පො / හිගු / පා. ශා / 02 / 28 ලිපිය අනුව 1992 ජූනි මස එකොළොස්වන දාය. උසස් පෙළ පන්ති සඳහා ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව වූයේ තිස් දෙනෙකි.