සුවදායක වේ ඔබගේ උණුසුම
සෑගල මහා විදුහල් අම්මේ
ඔබ යහ දසුනේ ඔබ පෙන්වන මග
නොමැලිව යමු පෙම්බර අම්මේ...//
රැළි පිට රැළි දෙන මහවැළි ගo දියරේ
ඇළහැර යෝධ ඇලේ
පැසෙනා සරුකෙත පරදයි සිසු කෙත
සිප් කිරි වැද ලෙළදේ...//
ගෙව්‍ඩ පසිංගල් රතු නිල් කැට සුදිලේ
අබන් ගඟේ ඉවුරේ
පතළින් නැගි මිණි පරදයි සිසු මිණි
දිදුළයි විදු ගඟුළේ...//
වාද භේද නෑ අප එක් සිත් ඇත්තේ
සිසු ගුරු දෙගුරු සැමෝගේ
එක් වී ඉදි කළ නව ලොව සිප් හල
සිප් සුවදින් ඉතිරේ...//
සුවදායක වේ...//
පද රචනය : පියදාස කරදගොල්ල ශුරීන්
තනු නිර්මාණය : නිල්මිණි ප්‍රියදර්ෂිකා මෙනවිය





